Gossips

ගුරුවරුන් 5473කට ස්ථාන මාරු

වසර 10කට වඩා වැඩි කාලයක් එකම පාසලක සේවය කළ 6 සිට 11 ශ්‍රේණි දක්වා ගුරුවරුන් 5473 දෙනෙකු ස්ථාන මාරු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
මෙම මස අග භාගය වන විට අදාළ ගුරු මාරුව සම්පූර්ණ කෙරුණු ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.
අදියර 03ක් යටතේ මෙම ගුරු මාරු වැඩසටහන ක්‍රියාවට නැංවුණු අතර එහි මුල් අදියර පසුගිය වසර අග භාගයේදී ක්‍රියාත්මක වුණා.
එහිදී උසස් පෙළ ගුරුවරුන් 2590 දෙනෙකු වෙනත් ජාතික පාසල්වලට මාරු කර යැවූ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.