Gossips

ගුරුවරයෙකු නිසා දැරියකට අත්වූ ඉරණම

මතු පරපුරේ දෑස් පාදන ගුරුවරුන්ට දරුවන් සලකන්නේ දෙවියන්ට වගේ.
එහෙත් ඇතැම් ගුරුවරුන්ගේ නොමනා ක්‍රියාහේතුවෙන් දරුවන්ට අත්වන්නේ ඛේදනීය ඉරණමක්.
මේ පුවත අපට වාර්තා වුණේ අනුරාධපුර ප්‍රදේශයෙන්.
ලීනි ෂෙහාරා, කුඩාකල සිටම තමා සතු දක්ෂතාව මැනවින් වටහාගෙන එ මඟ ඉදිරියට ගමන් කිරීමට හීන මැවූ ලීනි අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා ශිෂ්‍යත්ව විභාගය සමත් වී අනුරාධපුර මධ්‍යමහා විද්‍යාලයට ඇතුල් වනවා.
චිත්‍ර විෂයට දැඩි සේ ඇලුම් කරන ඇයට කෙටිකලකින් සිදුවුයේ තම ගුරුවරයාගේ තාඩන පීඩන හේතුවෙන් චිත්‍ර විෂයට සමුදීමටයි.
චිත්‍ර ඇදීමෙන් ජයග්‍රහණය කල සියලු සම්මානවල ගෞරවය පාසැලට මෙන්ම තම චිත්‍ර ගුරුවරයාට අත්කර දුන්නද එම ගුරුවරයාට එය ප්‍රමාණවත් වූයේ නැහැ.
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙල විභාගයෙන් A සමාර්ථ 9ක් හිමිකර ගෙන සිටින ලීනි ෂෙහාර නැවත පාසල් යෑමට අකමැත්තක් දක්වන්නට තරම් ඇය පීඩනයකින් පසුවී තිබෙනවා.
රටේ අනාගතය භාර ගැනිමට සිටින දරු පරපුර මැණිකක් ඔපදාමා වටිනාකමක් එක්කරන්නාසේ කටයුතු කරන ගුරුවරුන් සිටියද දරු පරපුර ගල් බෙරොළු බවට පත්කිරීමට කටයුතු කරන මෙවන් ගුරුවරුන් හේතුවෙන් ගුරු පරපුරටම කැළලක් එක් නොවන්නේද?