Gossips

ගුජරාට ප්‍රාන්තයටත් සීකා වෛරසය

ඉන්දියාවේ – බටහිර ගුජරාට ප්‍රාන්තයේත් සීකා වෛරසය පැතිරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
දැනට පුද්ගලයින් 150 දෙනෙකු පමණ මේ වසර තුළදී සීකා වෛරසයට ගොදුරුවී ඇති බවයි ඉන්දීය සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
රාජස්ථාන් ප්‍රාන්තයෙන් අනතුරුව අසල්වැසි ප්‍රාන්තයක මෙම වෛරසය පැතිරයාම පිළිබඳව වාර්තාවූ පළමු අවස්ථාව මෙය බවද සඳහන්.
මේ වනවිට සෞඛ්‍ය අංශ බලධාරීන් විශාල පිරිසක් මෙම ප්‍රදේශවල සෞඛ්‍ය කටයුතු සඳහා යෙදවීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා.
මේ අතර ප්‍රසිද්ධ ස්ථානවල ධූමායන කටයුතු මගින් මදුරුවන් බෝවීම අවම කිරීමේ කටයුතුද මේ වනවිට සිදු කෙරෙමින් පවතිනවා.