ගී‍්‍රසියේ ඇතෑන්ස් නුවර ආසන්නයේ පැතිරෙන ලැව් ගිනි හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 50 ඉක්ම වන බව එරට බලධාරීන් ප්‍රකාශ කළා.
තවත් 104 දෙනෙකු තුවාල ලබා ඇති අතර 11 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන්.
වැඩිම පිරිසක් ලැව් ගිනි වලට ගොදුරු වී ඇති බව වාර්තා වන්නේ ඇතෑන්ස් අගනුවරට කිලෝමීටර් 40 ක් ඊසාන දෙසින් පිහිටි මාටි මුහුදුබඩ නිකේතන ප්‍රදේශයෙන්.
බොහෝ දෙනා සිය නිවෙස් වල හෝ මෝටර් රථ වල සිටියදී මෙලෙස ලැව් ගින්නට ගොදුරු වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.
කලින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 24ක් වන අතර, මාටි ප්‍රදේශයේ දැවුණු නිකේතනයක තිබී තවත් මළ සිරුරු 26ක් සොයා ගැනීමෙන් පසුවයි මරණ සංඛ්‍යාව 50 ඉක්මවා ඇත්තේ.
