ගී‍්‍රසියේ දැනය පැතිරෙමින් පවතින ලැව් ගිනි හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීන් ප්‍රකාශ කළා.
තවත් 104 දෙනෙකු තුවාල ලබා ඇති අතර 11 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන්.
වැඩිම පිරිසක් ලැව් ගිනි වලට ගොදුරු වී ඇති බව වාර්තා වන්නේ ඇතෑන්ස් අගනුවරට කිලෝමීටර් 40 ක් ඊසාන දෙසින් පිහිටි මාටි මුහුදුබඩ නිකේතන ප්‍රදේශයෙන්.
බොහෝ දෙනා සිය නිවෙස් වල හෝ මෝටර් රථ වල සිටියදී මෙලෙස ලැව් ගින්නට ගොදුරු වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.
