බෙන්තොට ප්‍රාදේශීය සභාවේ හබුරුගල උප කාර්යාලයට මුල් ගල තැබීමේ අවස්ථාවට ඊයේ අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක සහ නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ එක්ව සිටියා.
මෙහිදී අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ කියා සිටියේ අද මුල් ගල තැබුණු මෙම ගොඩනැගිල්ල නිදහස් සන්ධාන රජයක් පැමිණි දිනෙක තමාගේ අතින් විවෘත කිරීමට ඉඩ නොතබන ලෙසටයි.
ඇයගේ මෙම කතාවට අමාත්‍ය ගයන්ත කරුණාතිලක කියා සිටියේ වැඩ කටයුතු සිදුකිරීමේදී දේශපාලන මති මතාන්තර පසෙකලා සියළු දෙනා එක්ව කටයුතු කළ යුතු බවයි.
