Gossips

ගිහාන් රත්නායකගේ මරණය සැක බව පොලීසිය කියයි

ජනප්‍රිය සංගීත කණ්ඩායමක විදුලි ඕගන වාදන ශිල්පී ගිහාන් රත්නායකගේ් මරණය සැක සහිත බව පොලීසිය ප්‍රකාශ කළා.
පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මෘතදේහය මේ වනවිට රාගම රෝහලේ තැන්පත් කර තිබෙනවා.
32 හැවිරිදි මොහු වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ගම්පහ – ඔරුතොට මාර්ගයේ කළුපාලම අසළ පුද්ගලයෙකුගේ සිරුරක් ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබුණේ පෙරේදා රාත්‍රියේයි.
පසුව අනාවරණ වූයේ මෙලෙස මියගොස් ඇත්තේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක විදුලි ඕගන වාදන ශිල්පි ගිහාන් රත්නායක බවටයි.
මේ අතර මොහුගේ ෆේස්බුක් ගිණුමේ පෙරේදා පස්වරු 6.59 ට පමණ වීඩියෝ සටහනක් තබා තිබුණා.
එහි දැක්වුණේ අදාළ වීඩියෝවේ සඳහන් පුද්ගලයා තමන්ගෙන් රුපියල් ලක්ෂ 40 ක මුදලක් ලබාගෙන තර්ජනය කරන බවයි.
ඔහු ගම්පහ ප්‍රදේශයේ ප්‍රවාහන සේවා සපයන ආයතනයක අයෙකු ලෙස එහි හඳුන්වා තිබුණා.