Gossips

ගිවිසුම අත්සන් කළොත් වතු කම්කරුවන් හෙට සිට වර්ජනයේ

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරිම සම්බන්ධයෙන් වන ගිවිසුම අද අත්සන් කිරීමට නියමිත බව ලංකා කම්කරු කොංග්‍රසය පවසනවා.
වතු හාම්පුතුන්, වතුකරයේ දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති සහභාගිත්වයෙන් කොළඹදී අදාළ ගිවිසුම අත්සන් කිරිමට නියමිත බවයි වාර්තාවන්නේ.
මේ අතර, දහසේ ව්‍යාපාරය සඳහන් කළේ අද මෙම ගිවිසුමට අත්සන් කළහොත් හෙට සිට අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරන බවයි.
වැවිලි කර්මාන්ත අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 25 වනදා පැවති සාකච්ජාවකදි වතුකම්කරු වැටුප රුපියල් 700ක් දක්වා වැඩි කිරිමට තීරණය කෙරුණා.
කෙසේ වෙතත් වතු කම්කරුවන් සඳහන් කළේ තම දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කළ යුතු බවටයි.
දෛනික වැටුප වැඩි කරන ලෙස බල කරමින් ඔවුන් පසුගිය දින කිහිපයේම විරෝධතාවලද නිරතවුණා.