Gossips

ගිලුණු තරුණයාගේ ජීවිතය බේරන්න පන්සල් වැවේ කිමිදුණු ඉන්දික

රංගිරි දඔුලු උයන්වත්ත රජමහා විහාරස්ථ භූමියේ පිහිටි පන්සලේ වැවේ ඊයේ (24) දියනෑමට ගිය තරුණයකුගේ ජීවිතයක් බේරාගැනීමට ජීවිතාරක්ෂක සංගමයේ නිලධාරීන් කණ්ඩායමක් සමත්ව තිබෙනවා.
මෙලෙස දිවි ගලවාගැනීමට හැකිවී ඇත්තේ 18 හැවිරිදි බෙන්තර ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණි තරුණයෙකුගෙයි.
අදාළ සිදුවීම වන අවස්ථාවේ එම වැවේ පිහිනුම් තරගයක් පැවැත්වීම සඳහා අවශ්‍ය වටපිටාව සකසමින් ජිවිතාරක්ෂක සාමාජික යන එහි රාජකාරියේ දී සිට තිබෙනවා.
ඒ අවස්ථාවේදී වන්දනාවේ පැමිණි පිරිස් දියනාමින් විනෝද වෙමින් සිට ඇති බව පොලීසිය පවසන්නේ.
එහිදීයි මෙම තරුණයා දියේ ගිලෙනු දුටු ජිවිතාරක්ෂක නිලධාරියෙකු වහාම ක්‍රියාත්මක වී ඔහුගේ ජීවිතය බේරාගෙන ඇත්තේ.
මෙලෙස එම තරුණයාගේ දිවිබේරාගැනීමට සමත්ව ඇත්තේ දඹුල්ල පොලිස් ජීවිතාරක්ෂක ජල ක්‍රීඩා සංගමයේ සාමාජික ඉන්දික කුමාර මහතායි.
දඹුල්ල පොලිස් ජීවිතාරක්ෂක හා ජල ක්‍රීඩා සංගමයේ සාමාජිකයන් එක්ව බේරාගත් පනස් වන ජීවිතය මෙය වීමද විශේෂත්වයක්.
පොලිස් සැරයන් සුනිල් විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම ජීවිතාරක්ෂක සාමාජිකයෝ දඹුල්ල කණ්ඩලම ඉබ්බංකටුව රන්දෙනිය මොරගහකන්ද ජලාශය පන්සලේ වැව ආදී ස්ථානවල සේවයේ නිරතව සිටියි.