Gossips

ගිලන් රථයකින් රැගෙන යමින් සිටි රෝගියෙකු රිය අනතුරකින් මරුට

අනුරාධපුර නගරයේ දුම්රිය හරස් මාර්ගයකදී සිදුවු අනතුරකින් ගිලන් රථයක රැගෙන ගිය රෝගියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනුරාධපුර – ඇලයාපත්තුව ප්‍රාදේශීය රෝහලේ සිට එම රෝගියා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත රැගෙන එමින් සිටියදී ගිලන් රථය ත්‍රීරෝද රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
සිද්ධියෙන් ත්‍රීරෝද රථයේ රියදුරා සහ එහි ගමන්ගත් කාන්තාවක් තුවාල ලබා ඇති අතර, රියදුරුගේ තත්ත්වය බරපතල බව සඳහන්.