මහනුවර – බෝගම්බර ප්‍රදේශයේදී ගිලන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් පුද්ගලයන් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
ඊයේ පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් තුවාල ලැබූවන් අතර, රෝගීන් දෙදෙනෙකු ද සිටින බවයි පොලීසිය සඳහන් කළේ.
තෙල්දෙනිය රෝහලේ සිට මහනුවර මහ රෝහල වෙත පැමිණෙමින් තිබූ ගිලන් රථයකුයි මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ.
