මින්නේරිය ගිරිතලේ වැවේ දියනෑමට ගිය පියෙකු සහ දියණියක අද (21) දහවල් දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා. 
අප වාර්තාකරු සඳහන් කළේ විනෝද චාරිකාවක් පැමිණි ඔවුන් මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවයි. 
අතුරුදන්ව සිටින පියාගේ වයස අවුරුදු 45ක් වන අතර දියණිය 13 හැවිරිදි වියේ පසුවනවා. 
මේ වනවිට පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.









ඡායාරූප – මින්නේරිය, රසාංග නිරෝෂන්



