Gossips

ගිරාඳුරුකෝට්ටේ අතුරුදන් දරුවා මහියංගණයෙන් හමුවෙයි

නිවසෙන් පිට වී ගොස් ඊයේ (04) සිට අතුරුදන්ව සිටි ගිරාඳුරුකෝට්ටේ පදිංචි 13 හැවිරිදි පාසල් සිසුවා අද (05) මහියංගනය බස් නැවතුම්පොලේ සිටියදී පොලිසිය සොයාගත්තා.
ඒ පොලීසියට ලැබුණු තොරතුරකට අනුවයි.
ගිරාඳුරුකෝට්ටේ මෛත්‍රීගම – අගලඔය ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවා ඊයේ පාසල් ගොස් සවස උපකාරක පන්තියකට යන බව පවසා නිවසින් පිටවී තිබූ අතර, ඔහු යළි නිවසට නොපැමිණි බවට දෙමව්පියන් පොලිසියට පැමිණිලි කර තිබුණා.
පසුව බස් නැවතුම්පොලේදී සොයාගත් දරුවා පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ සිය දෙමව්පියන් සමඟ ඇතිවු විරසකයක් නිසා තමන් මහනුවරට ගිය බවයි.
නිතර නිතර පාඩම් කරන ලෙසට නිවසින් සිදු කෙරුණු බලපෑම් හේතුවෙන් දළදා සමිඳුන් වැඳ පුදාගැනීමේ අරමුණින් එහි ගිය බව සඳහන් කරන මෙම සිසුවා පසුව මහියංගණයට පැමිණි බව පොලීසියට ප්‍රකාශ කර තිබුණා.
කෙසේ වෙතත් පොලීසිය සඳහන් කළේ මෙම පාසල් සිසුවා අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකටද යොමු කරන බවයි.
මේ අතර වැලිගම – මිරිස්ස මධ්‍ය මහා විද්‍යාලයේ හතරවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු පාසලේ උස් ස්ථානයකින් පැනීමට ගොස් අනතුරකට ලක්ව හිසට සිදුවූ බරපතල තුවාල හේතුවෙන් මේ වනවිට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.