ගිරාදුරුකෝට්ටේ – ගින්නොරුව රක්ෂිත කන්ද ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියකට එම ප්‍රදේශයේම තරුණයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ කාන්තාව පැවසුවේ තම සැමියා රාජකාරි සදහා පිටත්ව ගොස් සිටියදී ඊයේ රාත්‍රියේ තමන්ට මෙම සිද්ධියට මුහුණපෑමට සිදුවූ බවයි.
අනතුරුව ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකින් සැකකරුවන් තුන්දෙනා අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් අවුරුදු 19, 20 සහ 28 යන වයස්වල පසුවන්නන්.
සැකකරුවන් දැනට පොලිස් භාරයේ පසුවන අතර හෙට මහියංගන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිදුවීමට මුහුණ දුන් කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සදහා ගිරාදුරුකෝට්ටේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර පරීක්ෂණ සදහා මහියංගන මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
