Gossips

ගිනි අවි 6ක් සමඟ පුද්ගලයෙකු මතුගම දී පොලිස් දැලේ පැටලෙයි

මෙරට නිෂ්පාදිත ගිනි අවි 6ක් සහ වෙඩි බෙහෙත් තොගයක් සමඟ පුද්ගලයෙකු මතුගම – මීගහතැන්න – කුරුපිට වැව ඉහළ කොටස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මීගහතැන්න පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
50 හැවිරිදි සැකකරු මතුගම – පොල්ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු අද (02) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.