අගලවත්ත – පිඹුර ප්‍රදේශයේ ස්ථාන දෙකකදී ගිනි අවි ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කළුතර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන්ටලද තොරතුරක් මත ඊයේ සිදුකළ වැටලීමකදියි ගිනි අවි 4 ක් සමඟ මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අත්අඩංගුවට ගත් 36 හැවිරිදි එක් සැකකරුවෙකු ළඟ තිබී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක්, මැගසින් එකක්, බෝර 12 ගිනි අවියක් සහ ඩබල් බැරල් ගිනි අවියක් පොලිස් භාරයට ගනු ලැබුවා.
ඔහු එගොඩවත්ත – පිඹුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
එමෙන්ම කල් ඕවිට – පිඹුර ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකු සතුව තිබී විදේශ රටක නිෂ්පාදිත බෝර 12 ගිනිඅවියක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
