පසුගිය වසරේ ඔක්තෝම්බර් 02 වනදා ගම්පහ නගරයේදී මෝටර් රථයක තිබී ටී – 56 ගිනි අවි 3ක් හමුවීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු රාගම නගරයේදී ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් සැකකරු ඊයේ (31) පස්වරුවේ අත්අඩංගුවට ගත් බවයි.
39 හැවිරිදි සැකකරු අද (01) ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඔහු විසින් අදාළ මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයින්ට ගිනි අවි ලබාදී ඇති බවටයි වැඩිදුර විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ.