ගිනි අවි සමඟ අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාවනැල්ල සම සංවිධායක ඉමිතියාස් කාදර් ලබන මස 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
සැකකරු අද කෑගල්ල මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාවනැල්ල සම සංවිධායක ඉමිතියාස් කාදර් ඊයේ අලූයම අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ උණ්ඩ හමුවීමේ සිද්ධියෙන් අනතුරුවයි.
බලපත්‍ර නොමැතිව ළඟ තබාගත් විශේෂ මෙහෙයුම් සඳහා යොදා ගන්නා ගිනි අවියක්, තවත් ගිනි අවි කිහිපයක් සහ උණ්ඩ මෙලෙස ඉමිතියාස් කාදර්ගේ නිවසේ තිබී හමුවුණා.