Gossips

ගිනි අවි රැගෙන ආ දෙදෙනෙකු ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකයි

අම්බලන්ගොඩ බස් නැවතුම්පොල ආසන්නයේ තිබූ ස්වර්ණාභරණ අලෙවිසැලක් පුද්ගලයන් දෙදෙනෙකු විසින් කොල්ලකා තිබෙනවා.
ඊයේ සවස යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම කොල්ලකෑම සිදුකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අදාළ ස්වර්ණාභරණ අලෙවිසැලට පැමිණි පුද්ගලයෙකු රන් මාල ප්‍රදර්ශණය කර ඇති රඳවනයක් ගෙන එහි තිබූ මාල පරීක්ෂා කරමින් සිට තිබෙනවා.
එම අවස්ථාවේ දී සම්පූර්ණ මුහුණු ආවරණය වන හිස් ආවරණ පැළඳ ගිනි අවියක් ද රැකෙන පැමිණි පුද්ගලයෙකු රන් මාල තෝරමින් සිටි පුද්ගලයා ද සමග ඒවා කොල්ලකා පළාගොස් ඇති බව සඳහන්.
මෙම කොල්ලකෑම එම ස්වර්ණාභරණ අලෙවිසැලේ සවිකර තිබු CCTV කැමරාවල ද සටහන් වී තිබෙනවා.
සැකකරුවන් පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණ වී නොමැති අතර අම්බලන්ගොඩ පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.