ගාල්ල හිරිඹුර ප්‍රදේශයේ වෙළඳසැලකට පැමිණි දෙදෙනෙකු එහි සේවකයන් බියගන්වා මුදල් කොල්ලකා පළාගොස් තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් ගිනි අවියක් පෙන්වා මුදල් කොල්ලකා පළාගොස් ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.
කොල්ලකෑමට ලක්ව ඇති මුදල රුපියල් ලක්ෂ 5 කට අධිකයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගාල්ල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයන් දෙදෙනා මුදල් කොල්ලකන ආකාරය වෙළඳසැලේ සවිකර තිබු CCTV කැමරාවල ද සටහන් වී තිබෙනවා.
