මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සහ තවත් ගිනි අවි කොටස් කිහිපයක් සමඟ සැකකරුවන් 3 දෙනෙකු මාතර නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත්තේ ඊයේ පස්වරුවේදියි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 29,40 සහ 83 යන වයස්වල පසුවන බෙලිඅත්ත, බූන්දල සහ මාලිම්බඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
