Gossips

ගිනි අවිය පැහැර ගන්න, අඹේපුස්ස සෙබලා ඝාතනය කළ බවට සැකයක්

අඹේපුස්ස යුද හමුදා කදවුරේ මුර කුටියක රාජකාරියේ යෙදී සිටි හමුදා සෙබලෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලීසිය අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ ඝාතනය සිදුකළ පුද්ගලයින් මෙම සෙබලාගේ ගිනි අවිය ද රැගෙන පළා ගොස් ඇති බවයි.
මෙම ඝාතනය ඔහුගේ ගිනි අවිය ලබා ගැනීමේ අරමුණින් සිදුකරන්නට ඇති බවට ද විමර්ශන නිලධාරීන් සැක පළ කරනවා.
අදාළ හමුදා සෙබලා වසර දෙක හමාරක පමණ කාලයකට පෙර දී යුද හමුදාවට බැදී ඇති අතර, ඔහු අඹේපුස්ස යුද හමුදා කදවුරේ සම්මාන ධජ රදවා ඇති ස්ථානයෙහි ඇති මුර කුටියෙහි රාජකාරී සිදුකර තිබෙනවා.
කෙසේ වෙතත්, අද අලූයම 3ත්, 4ත් අතර මෙම ඝාතනය සිදුවන්නට ඇති බවටයි විමර්ශන සිදුකරන නිලධාරීන් සැක පළ කරන්නේ.
21 හැවිරිදි අදාළ යුද හමුදා සෙබලා කෑගල්ල – බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහුගේ සිරුර මේ වන විට ගම්පහ රෝහලට රැගෙන ගොස් තිබෙනවා.