හොරණ – මොරගහහේන – වීදියගොඩ ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ පතොරොම් 5ක් සමඟින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ පානදුර – කොට්ඨාශ නීතිය බල ගැන්වීමේ ඒකකයට අද උදෑසන ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු අද හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
