බණ්ඩාරගම – ගැලනිගම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ගිනි අවියක් සහ උණ්ඩ ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පානදුර නීති බල ගැන්වීමේ ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (25) අත්අඩංගුවට ගත් සැකකරු 41 හැවිරිදි සූරිපාලූව – කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මොහු ලඟ තිබී විදේශීය රටක නිෂ්පාදිත රිපිටර් වර්ගයේ ගිනි අවියක් සහ විවිධ වර්ගයේ උණ්ඩ 93ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
