කොස්ගොඩ – දූවේමෝදර ප්‍රදේශයේදී ගිනි අවියක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී විදේශ රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ උණ්ඩ දෙකක් සොයා ගත් බවයි.
එමෙන්ම සැකකරුවන් සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 82ක් ද සොයාගෙන තිබෙනවා.
42 හැවිරිදි සහ 49 හැවිරිදි සැකකරුවන් දූවේමෝදර සහ නාපේ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
