තංගල්ල – බෙලිඅත්ත – නලගම දී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු තංගල්ල කොට්ඨාශ සංවිධානාත්මක අපරාධ මැඬලීමේ ඒකකය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස ඊයේ (11) අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක්.
මොහු පොළියට මුදල් ලබාදෙන අයෙකු වන අතර, තම ආරක්ෂාව සඳහා මෙම ගිනි අවිය ළඟ තබාගෙන සිටි බවයි පොලීසිය කළ ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කර ඇත්තේ.
