Gossips

ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් දැලේ

පොලිසිය විසින් ඊයේ (05) සිදුකළ හදිසි වැටලීමකදී ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 35 හැවිරිදි කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අදාළ ගිනිඅවිය මෙරට නිෂ්පාදිත ගිනි අවියක් බවයි පොලිසිය සඳහන් කරන්නේ.
රිවෝල්වර වර්ගයේ ගිනිඅවිය සහ එයට යොදන මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 06 ක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
සැකකරු අද (06) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කොළඹ අපරාධ කොට්ඨාශයයි වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.