Gossips

ගිනි අවියක් සමඟ තුන්දෙනෙකු අත්අඩංගුවට

විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ පතොරම් 29 ක් සමඟ සැකකරුවන් තුන්දෙනෙකු පල්ලේවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පල්ලේවෙල පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අදාළ සැකකරුවන් ඊයේ අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
මදුරාගොඩ, කල්එළිය සහ බොකලගම ප්‍රදේශවල පදිංචි එම සැකකරුවන් වයස අවුරුදු 38 සහ 50 යන වයස්වල පසුවන්නන් බව සඳහන්.
ඔවුන් අද අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.