කටුනාය පොලිසිය ඊයේ රාත්‍රී සිදුකළ විශේෂ වැටලීමකදී කුඩා ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මිනුවන්ගොඩ හීනටියන ප්‍රදේශයේ කළ වැටලීමේ දී අත්අඩංගුවට ගත් 32 හැවිරිදි සැකකරු පාතාල සාමාජිකයෙකු බවට අනාවරණ වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙම පුද්ගලයා සතුව තිබී ගිනි අවියක්, මැගසිනයක් සහ ජීව උණ්ඩ 3 ක් සොයගෙන තිබෙනවා.
එම ගිනි අවිය පසුගියදා සිදුවු වෙඩි තැබීමකින් මියගිය ෆ්‍රෙඩී නැමති පාතාල කල්ලි සාමාජිකයා සතුව තිබු එකක් බවටයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ.
කටුනායක පොලිසියට ලැබුනු තොරතුරකට අනුව ඊයේ රාත්‍රී වැටලීම සිදුකර තිබුනා.
සැකකරු අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
