නීතිවිරෝධී ලෙස ගිනි අවියක් ළඟ තබාගත් පුද්ගලයෙකු කළුතර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකය විසින් මතුගම – උතුම්ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ (14) සිදුකළ වැටලීමකදී සැකකරු ලඟ තිබී රිවෝල්වරයක් සහ ඊට යොදන උණ්ඩ දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි.
වළල්ලාවිට ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි මොහු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට අද (15) ඉදිරිපත් කිරීමට නියමිතයි.
