Gossips

ගිනි අවියක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

බණ්ඩාරගම – වල්ගම ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් ළග තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ අත්අඩංගුවට ගත් 31 හා 39 හැවිරිදි ඔවුන් දෙදෙනා මොරටුව හා පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය සදහන් කළේ.
මේ අතර, කිලිනොච්චිය, කණ්ඩාවලෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේ තිබී ඊයේ සවස අත්බෝම්බ දෙකක් හමුවී තිබුණා.
එම කාර්යාලයෙන් රාජකාරි කටයුත්තක් කර ගැනීමට පැමිණි පුද්ගලයෙකු විසින් එම අත්බෝම්බ දෙක සොයා ගෙන තිබූ අතර, ඒවා නිෂ්ක්‍රිය කිරීමට නියමිත බවයි පොලීසිය ප්‍රකාශ කළේ.