කුරුවිට පොලිසිය සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී රිපීටර් වර්ගයේ ගිනි අවියක් ඊට අදාළ උණ්ඩ, අධිබලැති විදුලි පන්දමක් සහ ත්‍රීවිල් රථයක් සමග තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
පොලිස්පතිගේ උපදෙස් මත රත්නපුර කොළඹ ප්‍රධාන මාර්ගයේ කුරුවිට ප්‍රදේශයේදී වාහන සෝදිසි කිරීමේ මෙහෙයුමකදී  මොවුන් අත්අඩංගුවට ගත බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
අත්අඩංගුවට ගත් තිදෙනා සම්බන්ධයෙන් කුරුවිට පොලිසිය වැඩිදුර පරිෂණ පවත්වනවා. 



