Gossips

ගිනිගත් දේවස්ථානය යළි ගොඩනැගීමට වසර 5 ක්

ගින්නෙන් විනාශ වූ ‘‘නොට්රඩාම්’’ දේවස්ථානය වසර 05 ක් තුල යළි ගොඩ නගන බව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් 50 දෙනෙකු පරීක්ෂණ පවත්වන අතර එය හදිසි අනතුරක් බවටයි දැනට සැක කෙරෙන්නේ.
ඇති වූ ගින්න තවත් පැය භාගයක කාලයක් පැතිර ගියේ නම් සම්පූර්ණ දේවස්ථානයම විනාශවීමට ඉඩ තිබූ බව ප්‍රංශ එරට ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
ගොඩනැගිල්ලේ ප්‍රධාන කුළුණු දෙක ඇතුළු ශෛලමය සැකිල්ල ආරක්ෂා කර ගැනීමට පැය 9 ක් පුරා දැරූ උත්සාහයකින් අනතුරුව, ගිනි නිවන භටයින් සමත්වූ නමුත්, වහළය සහ මුදුනත පිහිටි පිරමීඩාකාර කොටස ගින්නෙන් සම්පූර්ණයෙන් විනාශ වුණා.