Gossips

ගිනිගත්හේන දියගල මාර්ගයේ රථ වාහන ගමනාගමනය අවදානම් (ඡායාරූප)

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල හරහා රථ වාහන ගමනාගමනය අවදානම් බව අඹගමුව ප්‍රාදේශීය සභාව අනතුරු අඟවනවා.
පවතින අයහපත් කාලගුණයත් සමග දියගල ප්‍රදේශයේ නායයාම් සහ පස් කඳු කඩා වැටීම හේතුවෙන් මාර්ගයේ එක් මංතීරුවක් වසා දමා තිබෙනවා.
තවදුරටත් එම ප්‍රදේශය අවදානම් බැවින් විකල්ප මාර්ග භාවිත ක රන ලෙසටයි අඹගමුව ප්‍රාදේශීය සභාව මගින් ගිනිගත්හේන නගරයේ දැන්වීමක් ද ප්‍රදර්ශනය කරමින් අනතුරු අඟවා ඇත්තේ.
මේ අතර අප වාර්තාකරු සඳහන් කළේ කිතුල්ගල සිට වටවල දක්වා ඝණ මීදුම් තත්වයක් ද පවතින බැවින් රථ වාහන ගමනාගමනයට බාධා මතුවී ඇති බවයි.

ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ