ගිනිගත්හේන බස් නැවතුම්පොලේ සිට නාවලපිටිය දක්වා ධාවනය කෙරෙන සියලූම පෞද්ගලික සහ ලංගම බස් රථ සෑම බ්‍රහස්පතින්දාවකම බස් නැවතුම්පොල භූමියෙන් ඉවත් කර ගන්නා ලෙස අඹගමුව ප්‍රාදේශීය සභාවේ නියෝග කර තිබෙනවා.
බස් රථ හිමියන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් තමන්ට බස් රථ නවතා ගැනීමට ස්ථානයක් නොමැති වන බවයි.
එමෙන්ම මාර්ගය දෙපස බස් රථ නැවැත්වීමේදී පොලීසිය විසින් දඩ මුදල් අය කිරීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයකට ලක්වන බව ද මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ බස් රථ රියදුරන් ප්‍රකාශ කළා.
මේ සම්බන්ධයෙන් අප අඹගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති එල්.පී. ජයසංක පෙරේරාගෙන් විමසීමක් කළා.
එහිදී ඔහු කියා සිටියේ අදාළ භූමිය ප්‍රාදේශීය සභාව සතු භූමියක් වන අතර, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ඉල්ලීම මත එහි බස් රථ නැවතීමට ඉඩ ලබාදුන් බවයි.
එහෙත්, සතිපොළ පවත්වන දිනයන්හිදී අදාළ ස්ථානයේ බස් රථ නැවතීමට අවස්ථාව ලබාදීමට නොහැකි බව ඔහු ප්‍රකාශ කළා.
