Gossips

ගිනිගත්හේනේදී කාන්තාවක් ලංගම බසයකට යටවෙයි (ඡායාරූප)

ගිනිගත්හේන බස්නැවතුම්පළ භූමියේදී ලංගම බස් රථයකට යට වි කාන්තාවක් බරපතල ලෙස තුවාල ලබා තිබෙනවා.
අද (29) පස්වරු 2ට පමණ මෙම අනතුර සිදු වී ඇති බවයි පොලිසිය පැවසුවේ.
ගිනිගත්හේන බස්නැවතුම් පොළ අසල පවත්වාගෙන යන සතිපොළ භූමියේ භාණ්ඩ මිලදි ගැනිම සදහා පැමිණි කාන්තාවකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.
අනතුරින් බරපතල ලෙස තුවාල ලැබු ඇය ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු තත්ත්වය බරපතල බැවින් නාවලපිටිය මුලික රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර ගිනිගත්හේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

(ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ )