Gossips

ගිනිකොන දිග වෙරළට ඔබ්බෙන් මුහුද රළු වෙයි – අවධානයෙන් කටයුතු කරන්නැයි ධීවර ප්‍රජාවට දැනුම්දීමක්

බෙංගාල බොක්ක මුහුුද ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි සහ පැයට කිලෝමීටර 70ත්, 80ත් අතර තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ පිළිබඳව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කළා.
එමෙන්ම නැගෙනහිර, ඌව, මධ්‍යම, සබරගමුව පළාත්වලට මෙන්ම හම්බන්තොට, පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද දිනයේත් වැසි ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න කියා සිටියේ.