Gossips

ගිනිකූරු නිෂ්පාදන සේවක විරෝධතාවක් හේතුවෙන් මහනුවර දැඩි රථ වාහන තදබදයක්

ගිනිකූරු නිෂ්පාදනය කරන කර්මාන්තශාලා 11කට අයත් සේවකයින්ගේ උද්ඝෝෂණයක් හේතුවෙන් මහනුවර නගරයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ උද්ඝෝෂණය සඳහා සේවකයින් 5000කට වැඩි සංඛ්‍යාවක් එක්ව සිටින බවයි.
යටිනුවර වීථියෙන් අද උදෑසන ආරම්භ වූ මෙම උද්ඝෝෂණය හේතුවෙන් මහනුවර නගරයේ සෑම මාර්ගයක දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.
වෙඩි බෙහෙත් හිඟය නිසා ගිනිකූරු නිෂ්පාදනය මේ වන විට සම්පූර්ණයෙන්ම නතර වී ඇති බව පවසමිනුයි ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන්නේ.