Gossips

ගින්නකින් සහ විදුලිසැර වැදීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මරුට

වදුරඹ – දෙයියන්දර ප්‍රදේශයේ නිවසක අද උදෑසන ඇති වූ ගින්නකින් එහි රැදී සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස පිලිස්සී මියගොස් ඇත්තේ 90 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
මේ අතර, ඌරගස්මංහන්දිය – හිපන්කන්ද ප්‍රදේශයේදී විදුලි රැහැන් අටවා සතුන් දඩයම් කිරීමට ගිය පුද්ගලයෙකු විදුලිසැර වැදීමෙන් අද අලූයම ජීවිතක්ෂයට පත්වුණා.
මෙලෙස මියගොස් ඇත්තේ 64 හැවිරිදි අයෙකු බව පොලීසිය සදහන් කළා.