Gossips

ගින්නකින් වතු නිවාස 12ක් විනාශ වෙයි (ඡායාරූප)

ආගරපතන – බැල්මොරල් වතු යායේ නිවාස පෙළක අද උදෑසන හට ගත් ගින්නකින් නිවාස 12ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
මේ හේතුවෙන් එහි පදිංචිව සිටි පුද්ගලයින් 49 දෙනෙකු අවතැන්ව ඇති අතර, පාසල් ළමයින් 13 දෙනෙකු ද ඒ අතර සිටින බවයි ආගරපතන පොලීසිය සඳහන් කළේ.
එක් නිවසක හට ගත් ගින්න අනෙක් නිවාස වෙත පැතිර ගොස් ඇති අතර, ඉතිරි නිවාස වෙත එය පැතිර යාම, පොලීසිය සහ වතු කම්කරුවන් එක්ව මැඬ පැවැත්වූ බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.


ඡායාරූප – මස්කෙළිය ගාමිණී බණ්ඩාර