Gossips

ගින්නකින් නිවසක් සම්පුර්ණයෙන් විනාශ වෙයි (ඡායාරූප)

උහන ගෝනගල ප්‍රදේශයේ නිවසක් අද දහවල් ඇතිවූ ගින්නකින් සම්පුර්ණයෙන් විනාශවී තිබෙනවා.
එම අවස්ථාවේ නිවසෙහි කිසිවෙකු නොසිටි අතර නිවසේ තිබු විදුලි උපකරණ මෙන්ම ළමුන්ගේ පාසල් පොත් ඇතුලු සියලු දෑ විනාශවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
නිවෙස් හිමියන් පාසල් ගිය දරුවන් කැඳවාගෙන ඒමට ගොස් සිටි අවස්ථාවේ ගින්න හටගෙන ඇතැයි සඳහන්.
අද දහවල් 11 ට පමණ ගින්න හටගෙන ඇති අතර ඊට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
උහන පොලිසිය විමර්ශණ සිදු කරනවා.

ඡායාරූප – අම්පාර සමන් චන්ද්‍රතිලක