අම්පාර දිස්ත්‍රික්කයේ අට්ඨාලචේන ප්‍රාදේශීය සභාව මගින් දීඝවාපි ගම්මානය අසල පවත්වා ගෙන යනු ලබන කුණු එකතු කිරිමේ මධ්‍යස්ථානයේ ඇතිවූ ගින්නක් නිසා එම ප්‍රදේශයම දුමෙන් වැසි ගොස් තිබෙනවා.
කල්මුනේ මහා නගර සභාව, සමන්තුරේ ප්‍රදේශීය සභාව, අක්කරපත්තුව මහ නගර සභාව, සහ අට්ඨාලචේන ප්‍රාදේශිය සභාව, නින්දවුර් ප්‍රාදේශීය සභාව,ආලයඩිවෙම්බු ප්‍රදේශීය සභාව යන බල ප්‍රදේශවල එකතුවන කුණු සියල්ලම මෙම ස්ථානයට ගෙනවිත්දමන අතර දිනකට කුණු මෙට්ට්‍රික් ටොන් 125 ක් පමන මෙම ස්ථානයට එකතු වෙන බව අට්ඨාලචේන ප්‍රාදේශිය සභාවේ ලේකම් මොහමඩ් පයිස් සඳහන් කළා.
දැනට මෙම ගින්න නිවා දැමීමට කටයුතු කරන අතර එය සාර්ථක නොවූ බවද ඔහු සඳහන් කළා.
නමුත් තම සේවකයන් යොදවා ගින්න නිවා දැමීමට අඛණ්ඩව කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
අට්ඨාලචේන ප්‍රාදේශිය සභාව මගින් පවත්වාගෙන යන මෙම කුණු ව්‍යාපෘතිය නිවැරැදිව ක්‍රියාත්මක නොවිම නිසා ගම්මවැසියන් මහත් අපහසුතාවයට පත්ව ඇති බව දීඝවාපි ප්‍රදේශයේ ජනතාව පවසනවා.
මෙම ස්ථානයට එකතුවෙන සියලුම කසල වර්ගීකරණය නොකර දැමීම නිසා ගින්න නිවා ගැනිමට නොහැකි බව දීඝවාපි පුරාණ රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී මහඔය සොභිත හිමියන් ප්‍රකාශ කළා.
මෙම ගින්න නිසා ඇතිවෙන දුම නිසා දිඝවාපි ගම්මනායේ ජනතාව දැඩි අපහසුතාවයට පත්ව තිබෙන අතර මෙම ගින්න නිවීමට කඩිනමින් කටයුතු කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.
අම්පාර වසන්ත චන්ද්‍රපාල