Gossips

ගිඟුරුම් සහිත වැසි තවදුරටත්

පහළ වායුගෝලයේ පවතින කැළඹිළි සහිත ස්වභාවය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට තවදුරටත් ගිඟුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව ඌව, සබරගමුව, බස්නාහිර, දකුණ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර වර්ෂාවත් සමඟ පසුගිය දින දෙක තුළ ඇතිවූ තද සුළං හේතුවෙන් අනුරාධපුරය, රත්නපුරය සහ වවුනියාව යන දිස්ත්‍රික්කවල නිවාස 200 කට පමණ හානි සිදුවුණා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ වර්ෂාවත් සමඟ තාවකාලිකව තද සුළං තත්වයක් සහ අකුණු අනතුරු ඇතිවිය හැකි බවයි.