Gossips

ගෑස් හිඟයක් ගැන වෙළඳ නියෝජිතයින්ගෙන් චෝදනා

රටේ ප්‍රදේශ කිහිපයක ගෑස් හිඟයක් පවතින බවට හිරු ප්‍රවෘත්ති අංශයට තොරතුරු වාර්තා වුණා.
ඒ පිළිබඳ කළ විමසීමකදී වෙළඳ නියෝජිත ආයතන සදහන් කලේ කිලෝග්‍රෑම් 2.5, 5 සහ 12.5 සිලින්ඩර් ඔවුන්ට ලැබෙන්නේ සීමාසහිතව බවයි.
පසුගිය 15 වනදා සිට මෙම තත්ත්වය පවතින බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔවුන් කියා සිටියේ.
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ලිට්රෝ ගෑස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මුදිත පීරිස් ගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ එවැනි ගැටලූකාරිත්වයක් ඇති වී නොමැති බවයි.