Gossips

ගෑස් මිල සූත්‍රය මසක් තුළදී

ගෑස් මිල සඳහාද නව මිල සූත්‍රයක් හදුන්වා දීමට ජීවන වියදම් කමිටුව තීරණය කර තිබෙනවා.
පාරිභෝගික කටයුතු අධිකාරියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ එම මිල සූත්‍රය මේ වනවිට සකස් කරමින් සිටින අතර, මසක කාලයක් ඇතුළත එය ජීවන වියදම් කමිටුවට ඉදිරිපත් කිරීමට හැකිවන බවයි.
මෙලෙස ගෑස් සඳහා මිල සූත්‍රය සැකසුණු පසු ලෝක වෙළඳපොලේ ගෑස් මිල ගණන්වල සිදුවන උච්ජාවචනයන්ට අනුව මෙරට ගෑස් මිල ගණන් ද වෙනස් වනු ඇති.
ගෑස් මිල ඉහළ දමන ලෙස ගෑස් සමාගම් සිදුකළ ඉල්ලීම් සලකා බලා මෙම පියවර ගත් බවයි පාර්භෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ.