Gossips

ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට

අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138කින් පහත දමා තිබෙනවා.
ජීවන වියදම් කමිටුව ගත් තීරණයකට අනුව මෙලෙස ගෑස් මිල පහත දැමීමට තීරණය කළ බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළේ.
පසුගිය අප්‍රේල් මස 27 වනදා ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිළ රුපියල් 245 කින් ඉහළ දැමුනු අතර ඒ අනුව ගෑස් සිලින්ඩරයක මිල වූයේ රුපියල් 1676 ක්.
අද රුපියල් 138 කින් මිල අඩුවීමත් සමග ගෑස් සිල්න්ඩරයක නව මිල රුපියල් 1538 ක්.