Gossips

ගෑස් මිලත් වෙනස්වන ලකුණු – සීනි බදුත් වැඩිවේ

ගෑස් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගන්නැයි අද රැස්වූ කැබිනට් මණ්ඩලය ජීවන වියදම් කමිටුවට දැනුම්දී තිබෙනවා.
රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළේ අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඒ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවූ බවයි.
මීට අමතරව ඉහළ දැමූ තිරිඟු පිටි මිලද රුපියල් පහකින් යළි අඩුකරන ලෙසට ජීවන වියදම් කමිටුවට අමාත්‍ය මණ්ඩලය දැනුම් දී තිබෙනවා.
මේ අතර හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කර්මාන්ත සහ වානිජ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ගෑස් මිල අද හෝ නුදුරු දිනකදී වැඩිකිරීම සම්බන්ධයෙන් තවමත් තීරණයකට එළඹ නොමැති බවයි.
රුපියල් 195 කින් ගෑස් මිල වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවද එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු කියා සිටියා.
කෙසේ වෙතත් ජීවන වියදම් කමිටුවේ නිර්දේශවලින් පසු මිල සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට නියමිතයි.
එසේම ආනයනික සීනි බද්ද රුපියල් 11 කින් ඉහළ දැමීමට තීරණය කළ බවද මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළා. කෙසේ වෙතත් එමඟින් වෙළඳපොලේ සීනි මිලෙහි වෙනසක් සිදු නොවන බවයි එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.