හොරණ – පෝරුවදණ්ඩ – හොරකැටිය ප්‍රදේශයේ පිහිටි රබර් කර්මාන්තශාලාවක අද පෙරවරුවේ ඇමෝනියා වායුව අඩංගු ගෑස් ටැංකියක ඇතිවූ පිපිරීමකින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
හොරණ මූලික රෝහලට ඇතුළත් කළ ඔවුන් අතරින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන්.
ඉන් එක් අයෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
අදළ කර්මාන්තශාලාවට ගෑස් රැගෙන ආ ලොරි රථයකින් ගෑස් පිටතට ගැනීමේදී ඇති වූ කාන්දුවක් මෙම පිපිරීමට හේතුව ලෙස සැලකෙනවා.
