Gossips

ගෑස්වලටත් මිල සූත්‍රයක්

ඉන්ධන සහ ගෑස් වර්තමානයේ පවතින මිලට ලබාදීම ගැන තමන් පුදුමයට පත්වන බව අමාත්‍ය ජෝන් අමරතුංග ප්‍රකාශ කළා.
ඒ කොළඹ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව අදහස් දක්වමින්.
සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ සිලින්ඩරයක මිල රුපියල් 245කින් ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරිය ගෑස් සමාගම් වෙත අවසර ලබා දී තිබුණා.
ඒ අනුව රුපියල් 1431ක් වූ ලිට්රෝ හා ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1675 යි.
කෙසේ නමුත් මේ වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා ලෝක වෙළදපොළේ ගෑස් මිල දිගින් දිගටම පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පාරිභෝගික කටයුතු අධීකාරියද සදහන් කළේ් ලෝක වෙළදපොළේ ගෑස් මිල ඉහළ යෑම හේතුවෙන් මෙම මිල වැඩිකිරිම සිදු කිරිම සදහා සමාගම්වලට අවසර ලබා දුන් බවයි.
පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එසේ ප්‍රකාශ කල ද ගෑස් මිල සුත්‍රය සෑදීම සදහා යොදාගන්නා සෞදි ඇරම්කෝ ගෑස් මිල දර්ශකයට අනුව මේ වසරේ ජනවාරි මස ලෝක වෙළදපොළේ ඇමරිකානු ඩොලර් 570 ක්ව තිබු ගෑස් මෙටි‍්‍රක් ටොන් එකක මිල මේ වනවිට ඇමරිකානු ඩොලර් 470 ක් දක්වා අඩුවී තිබෙනවා.
එමෙන්ම ක්‍රියාත්මක මිල සුත්‍රයට අනුව ගෑස් සමාගම්වලට සියයට 40කටත් අධික ලාභ ප්‍රතිශතයක් රදවා ගැනීම සදහාද පාරිභෝගික කටයුතු අධිකාරිය ඉඩලබා දී ඇති බව සඳහන්.