Gossips

ගෑරප්පුවකින් ඇන, කෝටි 5ක මැණික් කොල්ල කයි

රුපියල් කෝටි 5කට ආසන්න වටිනාකමකින් යුත් මැණික් ගල් තුනක් කොල්ල කෑ මොංගෝලියානු ජාතික කාන්තාවක් ඇතුළු 5 දෙනෙකු කළුතර දිසා අපරාධ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකු සතුව තිබූ මෙම මැණික් ගල් මොංගෝලියානු කාන්තාවට ඉහළ මිලකට විකුණා දිය හැකි බව පවසමින් පසුගිය මස 22 වන දා අදාළ ව්‍යාපාරිකයා කළුතර ප්‍රදේශයේ නවාතැන්පළකට ගෙන්වා ගෙන ඇති බව සඳහන්.
තවත් පුද්ගලයින් 4 දෙනෙකු විසිනුයි උපාය මාර්ගිකව මෙම ව්‍යාපාරිකයා එම නවාතැන්පොළට ගෙන්වාගෙන ඇත්තේ.
පසුව ඔහුට මොංගෝලියානු ජාතික කාන්තාව ගෑරප්පුවකින් ඇන, මැණික් ගල් තුන කොල්ල කා පළා ගොස් තිබෙනවා.
එලෙස පැහැරගෙන ගොස් ඇත්තේ සෙරන්ඩිබ්, පුෂ්පරාග සහ නිල් සෆායා වර්ගයේ මැණික් ගල් තුනක්.
මතුගම ෂාන් නැමැති පාතාල සාමාජිකයාගේ සහෝදරයෙකුගේ සැලසුමකට අනුව මෙම කොල්ලකෑම සිදුව ඇති බව සඳහන්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.